පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » DSI සමාගම විසින් 203 වන ප්‍රදර්ශනාගාරය විවෘත වේ

DSI සමාගම විසින් 203 වන ප්‍රදර්ශනාගාරය විවෘත වේ

ප්‍රකාශිත දිනය 23 June, 2015

මෙම 203 වන ප්‍රදර්ශනාගාරය වඩා තත්වයෙන් උසස් පාවහන් දකුණු පළාතට ගෙන ඒමේ අරමුණ ඇතිව DSI සමාගම ගාල්ල වක්වැල්ල පාරෙහි විවෘත කර ඇත. මෙම නව ශාඛාව ගාල්ල හඳුන්වා දුන් පස්වන ප්‍රදර්ශනාගාරය වන අතර මහත් උත්සවශ්රීයෙන් ජුනි මස 18 වන දින විවෘත කරන ලදී. මෙම ප්‍රදර්ශනාගාරය තුළ පාරිභෝගිකයන්ට DSI, Ranpa, Samson, Waves, Jessica (පාවහන් සහ බෑග්), Reebok, Fila, Liberty සහ Red Tape වැනි දේශීය සහ ජාත්යාන්තර සන්නාම වලට අයත් භාණ්ඩ රැසක් මිලදී ගත හැක. ප්රථම දින භාණ්ඩ මිලදී ගත් පාරිභෝගිකයන්ට 10% ක විශේෂ වට්ටමක් පිරිනැමුණු අතර 18 වන දින සිට 25 වන දින දක්වා කූපනයක් පිරවීමෙන් විශේෂ දිනුම් ඇදීමකටද සහභාගී වීමට පාරිභෝගිකයන්ට හැකි විය. මෙමඟින් ජයග්‍රාහකයින් තිදෙනෙකුට ඩී සැම්සන් සහ පුත්‍රයෝ(පුද්) සමාගම වෙතින් වටිනා ත්‍යාග වවුචර් ද හිමි විය.

මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ඩී සැම්සන් සහ පුත්‍රයෝ(පුද්) සමාගම කළමණාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා, සාමාන්යාධිකාරී කෞශල්යා පෙරේරා මහත්මිය සහ ජ්යෙෂ්ඨ කළමණාකාරීත්වය සහභාගි විය. DSI ජාලය ආයතන 200 ක්, නියෝජිතයින් 4000 ක් සහ අලෙවි නියෝජිතයින් 50 කින් සමන්විත වේ. ආයතනයේ නිර්මාතෘ තුමාගේ දැක්මට අනුව හොඳම භාණ්ඩ හා සේවා තම පාරිභෝගියන් හට ලබා දීමට ආයතනය නිරන්තරයෙන් බැඳී සිටියි.

ප්‍රකාශනය ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම