
උසස් අරමුණු හා විධිමත් පිලිගැනීමක් කරා යෑමට අප ආයතනය විසින් අප සේවායුක්තකයන්ට මහඟු අවස්ථාවක් සලසා දී ඇත. අග්‍රගන‍්‍යය ලෙස කණ්ඩායම් වල පුද්ගලයන්ව ඒකරාශී කර ඔවුන් ගේ වෘත්තීය සිහින සැබෑ කරගැනීමට උපකාර කළ යුතු බවත් ධෛර්‍යමත් කළ යුතු බව අපගේ අදහසයි.
ඉතා උසස් හා කාර්‍යක්‍ෂම සේවාවක් ලබා ගැනීමට අප සේවායුක්තිකයන් සඳහා පුහුණු අභ්‍යාස සහා ඔවුන්ගේ කුසලතා අගය කරමින් සම්මාණ ප්‍රදාණය කළ යුතු බව අප විශ්වාස කරන්නෙමු.
මෙවැනි වැඩපිළිවෙත් දියත් කිරීම තුලින් අපගේ ගණුදෙණුකරවන්ට කාර්‍යක්‍ෂම සේවාවක් මෙන්ම ඉතා උසස් නිපැයුම් ලබා දිය හැකි අතර DSI ආයතනය විසින් දියත් කරන්නා වු පුහුණු වැඩසටහන් නිසා ඉතා උසස් පුහුණුවක් ලත් කාර්‍යක්‍ෂම පිරිසකගේ සේවය ලබා ගැනීමටත් ඔවුන්ගේ දක්‍ෂතා ඔප්නංවා ගැනීමටත් හැකි වනු ඇති බව විශ්වාස කරමි.
තම කුසලතා ඔප්නංවා ගැනීම උදෙසා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරන්නා වූ සේවා නියුක්තකයන්ට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු. මෙලෙස කටයුතු කිරීම තුලින් ඉතා විශාල සාර්ථකත්වයක් ළඟා කර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත.
උසස් හා කාර්‍යක්‍ෂම බවින් යුත් සේවාවක් මෙන්ම නිෂ්පාදන ගනුදෙනුකරුවන්ට ලබා දීමේ හැකියාව DSI සැම්සන් සමූහයේ පුහුණු අභ්‍යාස තුලින් හැකියාව ලැබී ඇත. එමඟින් ගණුදෙනුකරුවන්ට මෙන්ම සේවා නියුක්තිකයන්ට ඉතා පහසුවෙන් තම අරමුණු හා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.