
1962 දී ආරම්භ කරන ලද DSI සමූහ ව්‍යාපාරය, පාවහන් සහ ටයර් සඳහා ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම වන අතර අනුබද්ධිත ආයතන 22 කින් ද සමන්විත වේ.
ශ්‍රී ලාංකීය වෙළෙඳපල තුල අංක එකේ නිෂ්පාදකයා ලෙස සමස්ත පවුලේ සියලු පාවහන් අවශ්‍යතාවන් එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව අප ඔබට ලබා දෙන්නෙමු.
අප නියෝජිත ජාලය ඔස්සේ ශ්‍රී ලාංකේය වෙළෙඳපල තුල පහසුවෙන් DSI නිෂ්පාදනයන් ලබාගැනීමේ හැකියාව අප පාරිභෝගිකයාට ලබා දෙන්නෙමු.
අන්තර්ජාතික පේටන්ට් බලපත්‍ර සහ සහතිකයෙන්ද පිදුම් ලබා ඇති DSI ආයතනය ශ්‍රී ලාංකේය වෙළෙඳපල තුල ප්‍රබල වෙළෙඳ වටිනාකමකට හිමිකම් කියයි.
අන්තර්ජාතික සහ දේශීය වෙළෙඳපලට ඔබින ලෙස මනා ගුණාත්මක භාවයකින් යුත් නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත ළඟා කරවීමට අප වගබලා ගන්නෙමු.
දේශීය වෙළෙඳපලට අන්තර්ජාතික තත්වයන්ගෙන් සමන්විත රබර් සංයුක්තකරණ තාක්ෂණ ශිල්පක්‍රම අප හඳුන්වා දෙන්නමු.
පාරිසරික හානිය අවම කරවමින් අපතේ හරින්නාවූ රබර් නැවත ප්‍රතිනිෂ්පාදනයේ යෙදවීමේද අප නියැලෙන්නෙමු.
දක්ෂ ශ්‍රම බලකාය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරවමින් අඩු මූල්‍ය පිරිවැයකින් ඉහල ගුණාත්මක භාවයකින් යුත් නිෂ්පාදනයන් ලබාගැනීම DSI සමූහයේ අපේක්ෂාවයි.
සමූහය තුල ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන්නාවූ ඉංජිනේරු අංශය සියලු යාන්ත්‍රික උපකරණවල නිවැරදි ක්‍රියාකාරීත්වය තහවුරු කරයි.
බුරුසු සහ කොසු නිෂ්පාදනය යනු ශ්‍රී ලංකාව තුල තරඟකාරිත්වය ඉහල ක්ෂේත්‍රයකි. කැපවීම සහ උත්සාහය නිසාවෙන් අප මෙම ක්ෂේත්‍රය තුලද ඉහලින් සිටීමට සමත්ව ඇත්තෙමු.
ගෙබිමට සහ වහලයට ඔබ යොදා ගන්නා අප ටයිල් නිෂ්පාදනයන් නිර්මාණය වනුයේ අප මුතුන් මිත්තන් නිර්මාණය කල ඉපැරණි වැව් වලින් ලබා ගන්නා මැටි භාවිතයෙන් වන අතර එය ඔබ නිවසටද ඉපැරණි ශ්‍රී විභූතිය ගෙන එනු ඇත.
ආයතනික ගැටළු සඳහා පරිඝණක දෘඩාංග, මෘදුකාංග, සහ ජාලකරණ සේවාවන් සපයන අප ආයතනය ආරක්ෂණ (Backup) පද්ධතීන් සැකසීම සහ නඩත්තුවද සිදු කරනු ලබයි.
නවතම ක්‍රමවේදයන් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය නවමු මානයන්ට ගෙන ගොස් ඇති අතර නව නැඹුරුවන් වටහා ගත් අප ආයතනය පරිසර හිතකාමී සහ කාබනික නැඹුරුවක් ඔස්සේ අප නිෂ්පාදනයන් සිදු කරන්නෙමු.
ජල විදුලි ක්ෂේත්‍රයට අප සමාගම සම්බන්ධ වනුයේ ජාතියේ සංවර්ධනයට සමාගම සතු වගකීම අවබෝධ කර ගිනිමිනි.
අප සමාගමට අවශ්‍ය වන්නා වූ සේවාවන් හඳුනා ගනිමින් සහ අන්තර් සම්බන්ධ කරමින් SGCS සුවිශේෂී සහ ඵලදායී සේවාවක් සපයයි.
ක්ෂේත්‍රයේ කීර්ති නාමයක් සහිත සමාගමක් ලෙස සැම්සන් පාපැදි අන්තර්ජාතික වෙළෙඳපල තුල ඔවුන්ටම ආවේනික වූ ගමනක යනු ඇත. ගෝලීය වෙලඳ නාම සමග පවත්නා සමීප සම්බන්ධතාවයද ඔවුන්ට ලෝකය ජය ගැනීමට ඉවහල් වනු ඇත.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)