
අප මූලික ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අමතරව ව්‍යාපාරික වපසරිය සෑම විටම පුළුල් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම අරමුණු ඔස්සේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පාරම්පරික නොවන භෝග වගාවන්, දේශීය අර්ධ වාර්ෂික වගාවන්, සුපිරිසිඳු පොල් තෙල් වැනි අංශ පිලිබඳ අප අවධානය යොමු කරන්නෙමු.
වර්තමානයේ මෙරට රබර් නිෂ්පාදනය ඒ සඳහා වන්නා වූ ඉහල ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ. මෙයට හේතුව ස්වාභාවික රබර් සඳහා වන්නා වූ ඉහල ඉල්ලුම මෙන්ම මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ කාර්යක්ෂම ක්‍රමවේදයන් භාවිතා නොවීමද විය හැකිය.මෙම ඉහල ඉල්ලුම සපුරාලීමට දීර්ඝ කාලීන ඉලක්කයන් සහිතව රබර් කර්මාන්තය වර්ධනය කිරීම ජාතියේ අවශ්‍යතාවයකි. රජයේත්, වෙනත් කර්මාන්තායතන කිහිපයක සහයෝගයෙනුත්, මොණරාගල දිස්ත්‍රික්කයේ වර්ෂ 7 කාලසීමාවක් සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අප ආයතනය විසින් සැලසුම් කර ඇත.
රජය විසින් මේ වන විටත් ඒ සඳහා හෙක්ටයාර 33 නිදහස් කර ඇති අතර මේ වන විට මූලික ආදර්ශ පැල තවාන් වල වැඩ කටයුතු ඇරඹී ඇත.
රිචඩ් පීරිස් අපනයන සමාගම සමග ගොඩ නගා ගත් සම්බන්ධතාවයේ අරමුණ වනුයේ රබර් නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය වන පිරවුම් ද්‍රව්‍ය අවහිරතාවකින් හෝ හිඟයකින් තොරව අඛන්ඩව සපයා ගැනීමයි.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)