සමාජීය

Footwear
ඔබ මෙතැන: මුල් පිටුව » ව්‍යාපාරයෙන් එහා » සමාජීය

Communityවසර 40 තරම් වන දීර්ඝ ඉතිහාසයක් තුල සමූහයට සමාජ ව්‍යාපෘති යනු ඉතා සමීප මාතෘකාවකි. ශ්‍රී ලාංකීය සමාජය තුල සිය වගකීම හඳුනා ගත් ආයතනයක් ලෙස අප නිරන්තරයෙන් අප සංස්කෘතිය සහ උරුමය ඉස්මතු කරන්නා වූ වැඩසටහන් වෙත වැඩි නැඹුරුවක් දක්වන්නෙමු.

"රජ මහ වෙහෙරක අසිරිය" යනු මෙසේ අප විසින් සංවිධානය කරන්නට යෙදුනු මෙරට උරුමයන් විදහා දක්වන ප්‍රදර්ශණයකි. එහි මූලික අදියරේදී ඓතිහාසික වටිනාකමක් සහිත රජ මහා විහාර 100ක් තෝරා ගෙන් ඒවා ඡායාරූපයට නගා ඒ පිලිබඳ විස්තරයක් සහ මග සලකුණු සමග පුවත් පත් වල දැන්වීමක් පල කරන්නට යෙදුනු අතර අවසන එම ඡායාරූප යොදා ගනිමින් මෙරට ප්‍රදාන නගර කිහිපයක ප්‍රදර්ශණ පැවැත්වුනි. මෙම වැඩසටහනට අති විශාල මහජන ප්‍රසාදයක් සහ ආකර්ශණයක් යොමු විය.

කොළඹ නගර සභා පරිශ්‍රයේ පැවැත්වුනු වාර්ෂික වෙසක් සැමරුම් උත්සවයටද DSI සැම්සන් සමූහය සාදර සම අනුග්‍රහය ලබා දෙන ලදි.

ස්වාධීන රූපවාහිනී නාලිකාව සමග එක්ව සිදු කරන ලද සිංහල හිංදු අලුත් අවුරුදු සූර්ය මංගල්‍යයද DSI සැම්සන් සමූහයේ තවත් එක් සමාජ සත්කාරයකි.

සුනාමියෙන් හානි වූ නිවාස නැවත ගොඩ නැන්වීමේ ව්‍යාපෘති, ගාල්ල ප්‍රදේශයේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම්, දුශ්කර පාසල් වල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අප විසින් නොකඩවා පවත්වා ගෙන ආ සමාජ ව්‍යාපෘති වේ.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)