වියාචනය

ඔබ මෙතැන: මුල් පිටුව » භාවිතා කිරීමේ කොන්දේසි

DSI සමූහ ව්‍යාපාරයේ වෙබ් අඩවිය තුළට පිවිසෙන ඔබ පහත සඳහන් කොන්දේසිවලට එකඟ විය යුතුය:

  1. DSI වෙබ් අඩවිය තුළ අන්තර්ගත තොරතුරු වල නිරවද්‍යතාව සනාථ කිරීමට සියළු උත්සාහයන් අප විසින් දරා ඇති අතර තළින් සඳහන් කර නොමැතිනම්, එමඟින් පැන නැඟිය හැකි කිසිඳු නීතිමය කරුණක් සම්බන්ධයෙන් වගකීම් භාර නොගනු ඇත. මෙම වෙබ් අඩවිය ක්‍රියාකරවන සර්වර් යන්ත්‍ර මත තිබිය හැකි පරිඝණක වයිරස් හෝ වෙනයම් හානිකර දෑ සම්බන්ධව ද අප විසින් වගකියනු නොලැබේ.
  2. මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත තොරතුරු වෙනස් කිරීමට හෝ යාවත්කාල කිරීමට ඇති සියළු හිමිකම් ඇත්තේ DSI සමූහ ව්‍යාපාරය සතුය.
  3. මෙම DSI වෙබ් අඩවිය වෙනත් යම් යම් වෙබ් අඩවි වලට සම්බන්ධ වී තිබිය හැකි අතර එම වෙබ් අඩවි තුළ අන්තර්ගත තොරතුරු වලට DSI සමූහ ව්‍යාපාරය වගකියනු නොලැබේ. මෙම සම්බන්ධකිරීම් හුදෙක් ඔබගේ පහසුව සඳහා පමණක් වන අතර එම වෙබ් අඩවි වල අන්තර්ගත දෑ හා එකඟතාවයක් අපට ඇති බව කිසි විටකත් මින් අදහස් නොකෙරේ.
  4. DSI වෙබ් අඩවිය තුළ අන්තර්ගත තොරතුරු නැවත භාවිතා කරනු ලබන්නේ නම්, මෙම පිටුවෙහි අවසානයේ සඳහන් ප්‍රකාශන අයිතිය දැක්වීමේ සංඛේතය සහ දැන්වීම ද සඳහන් කළ යුතුය.
  5. DSI වෙබ් අඩවිය තුළ සඳහන් වී ඇත්තේ DSI නිෂ්පාදන සම්බන්ධයෙන් වන අතර ඇතැම් විට මෙහි සඳහන් වන නිෂ්පාදන හා සේවා ලබාගත නොහැකි අවස්ථාද පැවතිය හැක. මෙහි සඳහන් කළ පමණින් එම නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමට DSI ආයතනය බැඳි නොසිටියි.
  6. මෙම කොන්දේසි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නීති වලට අනුකූලව සකසා ඇත.

 

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)