අපගේ ආයතනයන්

අප ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා නිරන්තරයෙන් ඉතා සක්‍රිය දායකත්වයක් ලබාදෙන අතර විවිධාංගීකරණයට අදාල වූ වාසි රැසකටද හිමිකම් කියයි.

ඔබ මෙතැන: මුල් පිටුව » අපගේ ආයතනයන්

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

ශ්‍රී ලංකාවේ අන්ක 1 පාවහන් නිෂ්පාදකයා සහ අපනයනකරුවා වේ. ISO 9001:2008 තත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති ආයතනයේ මුල්ම සපත්තු නිෂ්පාදන කර්මාන්තායතනය පිහිටුවා ඇත්තේ 1962 තරම් ඈත අතීතයේ වන අතර එය ඉතිහාසගත වනුයේ මෙරට ප්‍රථම සපත්තු නිෂ්පාදන කර්මාන්තායතනය ලෙසය. වර්තමානයේ ආයතනයේ දිනක පාවහන් නිෂ්පාදනය යුගල 60000 ඉක්මවන අතර ආයතනය තුල සේවකයන් 1500 කට රැකියා අවස්ථා හිමි වේ.

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම 1981 වර්ෂයේ ගොඩ නන්වනුයේ පිරිමි, ගැහැණු, ළදරුවන්, කුඩා දරුවන් ආදී සියල්ලක්ම සඳහා එදිනෙදා භාවිතයට අවශ්‍ය වන පාවහන් නිෂ්පාදනයටය. මෙම නිෂ්පාදනයන් දිවයින පුරා විසිරි අළෙවි මධ්‍යස්ථාන 175 සහ අලෙවි නියෝජිත මධ්‍යස්තාන 2000 වැඩි සංඛ්‍යාවක "රන්පා" යන වෙලඳ නාමය යටතේ මිලදී ගැනීමේ හැකියාව ඇත. සැම්සන් නිෂ්පාදකයන් මාසිකව පාවහන් යුගල 250000 සිය EVA and PVC Fabric plants වැනි යන්ත්‍ර හරහා නිපදවනු ලබයි.

ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම

ශ්‍රී ලාංකීය වෙළෙඳ පල තුල අංක එකේ වෙළෙඳ නාමය ලෙස DSI ආයතනය විදේශීය පාවහන් නිෂ්පාදන අලෙවිකරණයද සිදු කරයි. ආයතනය සතු ප්‍රදර්ශණාගාර 200 සමගින් අලෙවි නියෝජිත ආයතන 4000 සමග සහ බෙදා හරින ආයතන 50 අධික සංඛ්‍යාවක් සමග එක්ව ජනතාවට ඉහල සේවාවක් සැපයීමට අප ආයතනය කැප වී සිටින්නෙමු.

සැම්සන් වෙළෙඳ කර්මාන්තායතනය

1978 වර්ෂයේ ආරම්භ කරන ලද ආයතනය පාවහන්, රබර් නිෂ්පාදන, EVA, රසායනික ද්‍රව්‍ය සහ නිෂ්පාදන මෙරට සහ අන්තර්ජාතිකව බෙදා හැරීම සහ අලෙවිකරණය සිදු කරනු ලබයි.

වෙචින්සන් පුද්ගලික සමාගම

අප බයිසිකල් ටයර් සහ ටියුබ් අපනයනය සඳහා ISO 9001: 2008 තත්ව සහතිකයෙන් සමන්විත වන අතර අති නවීන උපකරණ භාවිතයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදන, බයිසිකල් ටයර්, යතුරු පැදි ටයර්, සහ ත්‍රී රෝද ටයර් නිෂ්පාදණයේ විශේෂඥ හැකියාවකින් යුක්ත වේ.

සැම්සන් රබර් කර්මාන්තායතනය

1983 වර්ෂයේ සැම්සන් සමූහයට අනුබද්ධිතව පිහිටුවනු ලැබූ මෙම ආයතනය ටයර් සහ ටියුබ් නිෂ්පාදනයේ නියැලෙන අතර මුහුදු වරාය සහ ගුවන් තොටුපල ආශ්‍රිතවම උපායමාර්ගික ලෙස ආයතනයන් පිහිටුවා ඇත.

සැම්සන් PLC ආයතනය

වසර 25ක ස්වර්ණමය ඉතිහාසයක් රබර් නිෂ්පාදනයට දරණ ආයතනය ශ්‍රී ලාංකේය අපනයන වෙළෙඳපල තුල අංක එකේ අපනයනකරුවෙක් ලෙස ISO 9001:2008 තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත. ආයතනයේ සේවක මඩුල්ල 300 පමණ සීමා වේ.

සැම්සන් රබර් කර්මාන්තායතනය

ශ්‍රී ලාංකීය වෙලඳ පල තුල අංක එකේ රබර් නිෂ්පාදන සපයන්නා වේ. රබර්, EVA , පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්, නයිලෝන්, සහ ලෝහ සමග සම්මිශ්‍රිත රබර් නිෂ්පාදනයන් දේශීය සහ විදේශීය වෙළෙඳපල වෙනුවෙන් නිපදවනු ලබයි.

සැම්සන් සංයුක්තකරණ ආයතනය

ISO 9001:2000 තත්ව සහතිකය හිමි ආයතනය වාර්ෂිකව 430000 රබර් ශීට් සහ 480000 EVA නිපදවීමේ හැකියාවෙන් යුක්ත වේ. වසර 30 ඉතිහාසයකට උරුමකම් කියන ආයතනය නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සහ විද්‍යාගාර පහසුකම් වලින් සහ ක්‍රමවේදයන්ගෙන් අනූන වේ.

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛතම සමාගමකි. 1991 වර්ෂයේ බිහි වූ සමාගම ප්‍රධානතම ආනයනික සමාගමක් වන අතරම දේශීය වෙලඳපොළ තුළ ඉල්ලුමෙන්ද 80% සැපයීම සිදු කරනු ලබයි. වාර්ෂිකව රබර් ටොන් 7,500 ප්‍රතිනිෂ්පාදනය හරහා ක්‍රීඩාභූමි ඇතිරීමට අවශ්‍ය වන රබර් ටයිල් නිපදවීමට ආයතනය සමත් වේ.

සැම්සන් ඉන්ජිනේරු ආයතනය

සැම්සන් ඉන්ජිනේරු ආයතනයේ සේවා වපසරිය පුළුල් එකක් වේ. මූලිකව සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රයත්, ප්‍රවාහන සහ සැපයුම් ක්ෂේත්‍රයත් ( ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් ආයතනයේ ලියාපදිංචි ප්‍රවාහන සැපයුම් කරු), කාර්මික ඉන්ජිනේරු ක්ෂේත්‍රය, විදුලි ඉන්ජිනේරු ක්ෂේත්‍රය, රථ වාහන ඉන්ජිනේරු ක්ෂේත්‍රය ලෙස කොටස් කිහිපයකට එම ආයතනය කාණ්ඩ වේ.

සැම්ටෙසි බ්‍රෂ් මැනුෆැක්චරර්ස් (පුද්) සමාගම

වසර 20 වඩා දිගු අත්දැකීම් සමගින් සම්ටේසි සමාගම බුරුසු නිර්මාණ ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍ර සහ තාක්ෂණය මුසුකරමින් සිදුකළ නිෂ්පාදනයන් වැනි Forest Stewardship Council (FSC) තත්ව සහතිකයන්ගෙන් ද පිදුම් ලබා ඇත. එම නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය කෙඳි ලබාගැනීමට ඒවාට ම වෙන් වූ රබර් වගාවන් ද ආයතනය මගින් පවත්වා ගෙන යනු ලබයි.

සැම්සන් රජරට ටයිල් කර්මාන්තායතනය

විවිධ වූ වර්ණ සහ රටාවන්, 100% ස්වාභාවික යි, සිසිලනක්‍රියාවලිය සෞඛ්‍යට හිතකර යි, බිඳීමේ හැකියාව අවම යි, අවම ජල අවශෝෂණය [10% අවම යි], එකිනෙක සම්බන්ධ වීම, ජපානයේ අධිතාක්ෂණික තත්වයන් භාවිත ය.

SRG හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම

SRG හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම විශිෂ්ඨ තත්වයේ පලතුරු, එළවළු, ඇට වර්ග, කුළු බඩු, සකස්කළ ආහාර, පාන වර්ග නිෂ්පාදනය සහ බෙදාහැරීමේ නියුතු සමාගමක් වන අතර වැවිලි කර්මාන්තයේ ද නිරත වේ. මීට අමතරව මවුන්ට් ස්ප්‍රින්ග් නම් වූ SLS සහතික ලත් පානීය ජලය නිෂ්පාදනය, ඇසුරුම්කරනය සහ අපනයනය ද සිදු කරයි.

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

2004 වර්ෂයේ ආරම්භ කරන ලද මවුන්ට් ස්ප්‍රින්ග් ආයතනය කැළණිය දලුගම ප්‍රදේශයේ පිහිටා ඇත. අමිත්රිගල පිහිටි නැවුම් දිය උල්පත් වල ජලයෙන් ක්‍රියාත්මක වන මෙම ජල පවිත්‍රාගාරය තුල ජලය බෝතල් ගත කිරීම ඇසුරුම්කරණය ආදී සියල්ල නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රියව සිදු වේ.

වේරපිටිය හයිඩ්‍රෝ පවර් (පුද්) සමාගම

කුඩා පරිමාණ බලාගාර ව්‍යාපෘතියකි. ජාතික සංචිතයට මෙගා වොට් 2 විදුලි ප්‍රමාණයක් වාර්ෂිකව එක් කරයි.

හයිඩ්‍රෝ ට්‍රස්ට් ලංකා (පුද්) සමාගම

කුඩා පරිමාණ බලාගාර ව්‍යාපෘතියකි. ජාතික සංචිතයට මෙගා වොට් 2 විදුලි ප්‍රමාණයක් වාර්ෂිකව එක් කරයි.

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

මෙම ආයතනය හරහා DSI සමූහයේ ආයතන වල පුළුල් පරාසයක උපක්‍රම සහ සැලසුම් සැකසීම, කලමණාකරණ සේවාවන්, කළමණාකරණ පද්ධතිය සකස් කිරීම, ආනයන අපනයන කළමණාකරණය, නීති සහාය, තොරතුරු තාක්ෂණ සහාය, රක්ෂණ සහ මූල්‍ය කළමණාකරණය, භාණ්ඩාගාර පරිපාලනය ආදී සුවිශේෂී වූ සේවාවන් රාශියක් සැපයීම හරහා වෙලඳ පල තුල එම ආයතනයන්ට තරඟකාරී ලෙසත් ආක්‍රමණශීලී ලෙසත් කටයුතු කිරීමේ හැකියාව ලබා දේ.

සැම්සන් පාපැදි පුද්ගලික සමාගම

1998 වර්ෂයේ ආරම්භ කරන ලද ආයතනය අද වන විට මනා ප්‍රමිතියෙන් යුත් පාපැදි 300000 පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබයි. නිෂ්පාදනයහි ආරක්ෂිත භාවය සහ විෂ රසායනික භාවිතය අවම කිරීම අරමුණු කර ගත් සැම්සන් පාපැදි පුද්ගලික සමාගම මවුන්ටන්, වීදි, නවන පාපැදි, BMX සහ දරුවන් සඳහා පාපැදි නිෂ්පාදනය කරනු ලබයි.

ග්ලෝබ් නිටිං (පුද්) සමාගම

1991 වර්ෂයේ ආයෝජන මණ්ඩලයේ සහයෝගය මත බිහිවන ග්ලෝබ් ගෙතුම් ආයතනය 350 වූ ශ්‍රමබලකායකින් සමන්විත වන අතර ඔවුන් මේස් ආදී වූ නිෂ්පාදනයන් වාර්ශිකව යුවල මිලියන 6 වැනි ප්‍රමාණයක් දක්වා නිපදවීම සිදු කරනු ලබයි.

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

2008 වර්ෂයේදී පිහිටවන ලද මෙම සමාගම සියලුම ආකාරයන්ගේ රක්ෂණ කටයුතු සහ රක්ෂණාවරණ සැකසීම පිලිබඳව සුවිශේෂී හැකියාවකින් යුක්ත වේ. ඔබගේ ඕනෑම රක්ෂණ අවශ්‍යතාවක් තරඟකාරී අනුපාතිකයන් හමුවේ පහසුවෙන් සහ සරලව අප ආයතනය හරහා ඉටු කර ගත හැකි වනු ඇති අතර අප විශේෂඥයන් අනතුරුදායී අවස්ථවන් සහ හැකියාවන් පිලිබඳව ඔබ නිරන්තරයෙන් දැනුවත් කරනු ඇත.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)