රැකියා

අපගේ රැකියා/වෘත්තීයන් ප්‍රගුණ කිරීමේ වැඩසටහන් සඳහා නොයෙක් අධ්‍යාපනික පසුබිම් සහිත විවිධ කුසලතා වලින් පිරිපුන් පුද්ගලයින් අප විසින් ඈඳා ගනු ලැබේ. මේ සියළු තනතුරු තුළින් අප ආයතනයේ විවිධ මෙහෙයුම් සඳහා දායක වීමට ඔවුන්ට හැකියාව ලබාගත හැක.

ඔබ මෙතැන: මුල් පිටුව » රැකියා

කලමණාකරණ පුහුණු වැඩසටහන

"අනාගත නායකයින්" DSI සැම්සන් සමූහයේ කලමණාකරණ පුහුණු වැඩසටහන

ඔබ ප්‍රායෝගික පුද්ගලයෙක්ද? ඔබ ආයතනයක් තුල වගකීම් සහගත තනතුරක් හෙබවීමටත් එහි සියලු වගකීම් නොපැකිලව ඉටු කිරීමටත් සුදානම්ද? ඔබට ඔබේ හැකියාවන් පිලිබඳ මනා වූ විශ්වාසයක් තිබෙනවාද? එසේ නම් ඔබට සුදුසුම නවාතැන්පල අපගේ කලමණාකරණ පුහුණු වැඩසටහනයි.

වසර ගනනාවක් පුරා අප කලමණාකරන වැඩසටහන ඉහල අධ්‍යාපනික සුදුසුකම් සහිත, දක්ෂතා වලින් පිරිපුන් තරුණ තරුණියන් රාශියකට සාර්ථක වෘත්තීය දිවියකට අවශ්‍ය මග පෙන්වීම සැපයීමට සමත්ව ඇත.

අප කලමණාකරන වැඩසටහන තුල රැකියාවේදී අවශ්‍ය වන කලමණාකරණ හැකියාවන් ප්‍රායෝගිකව උගෙනීමට ලැබීමත් විවිද වූ අංශයන්ට යොමු කිරීම හරහා පුළුල් වපසරියක කලමණාකරන හැකියාවන් සහ අත්දැකීම් ලබා ගැනීමට හැකි වීමත් වැදගත් වේ. පුහුණු වැඩසටහන අවසානයේ ආයතනික අධ්‍යක්ෂ මණ්ඩලයක් හමුවේ ලබා දෙනු ලබන වෘත්තීයමය මාතෘකාවක් ඔස්සේ ඉදිරිපත් කිරීමක නියැලීමට ඔවුන්ට සිදු වේ. මේ අතරින් තෝරා ගන්නා තරුණයින්ට ආයතනයේ අභියෝගාත්මක සහ ප්‍රබල තනතුරු හිමි වනු ඇති අතර ඔවුන් ස්ථිර සේවයට බඳවා ගැනෙනු ඇත.

සෑම වර්ෂයකම මේ සඳහා විශිෂ්ට දක්ෂතා සහිත 10 දෙනෙකු සමස්ත දිවයිනෙන්ම තෝරා ගනු ලැබෙන අතර ඔබත් අවම වශයෙන් දෙවන පන්තියේ උපාධියක් සහිත පූර්ණ වෘත්තීය අත්දැකීම්ද සහිත වයස අවුරුදු 28 අඩු නායකත්ව හැකියාවන්ගෙන් අනූන, කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කල හැකි විෂය බාහිර කටයුතු වල දක්ෂතා සහිත අයෙක් නම් අදම පහත පහත විද්‍යුත් ලිපිනයට අයදුම් කරන්න.

FutureLeaders@dsi.lk

එසේම මෙම වැඩසටහන පිලිබඳව DSI සැම්සන් සමූහයේ වෙබ් අඩවියේ, ෆේස්බුක් පිටුවේ, www.topjobs.lk වෙබ් අඩවියේ සහ පුවත්පත් වල සෑම වර්ෂයකම මැයි සහ ජූනි යන මාස වල දැන්වීම් පල වනු ඇත.

අප සමග එක් වී ඔබගේ හැකියාවන්ගේ උපරිමය හඳුනා ගැනීමට සහ අනන්තය කරා පිය නැගීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.