රැකියා

DSI සැම්සන් සමූහය තුල පවතින්නාවූ උප සංස්කෘතිය තුල ඔබගේ දක්ෂතාවන්, සහ සහයෝගීත්වය අගය කෙරෙනු ඇති අතර ඔබෙගේ දායකත්වය ආයතනයේ උන්නතියට සෘජුව හේතු වන බව අපගේ දැක්මයි.

ඔබ මෙතැන: මුල් පිටුව » රැකියා

සාක්ෂාත්කරය

සම්පූර්ණ නම: සුසන්ත එම්. විතානගේ

ආයතනය: ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම

ආයතනයේ සේවය ඇති කාල සීමාව: වසර 30

තනතුර: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

සුදුසුකම් සහ ආයතනික පලපුරුද්ද:
කොළඹ විශ්ව විද්‍යාලයේ EDBA සුදුසුකම සහිතව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් වසර 30 ක අත්දැකීම් ඇත. කළමණාකාර පුහුණු සේවකයකු ලෙස ආයතනයට එක්වී තොරතුරු තාක්ෂණ කළමණාකරුතනතුර දක්වා උසස්වීම් ලබමින් වසර 15 ක් IFS නම් වූ ERP ක්‍රමවේදය ආරම්භයේ සිටම භාරව කටයුතු කළේය. ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දක්වා උසස්වීම් ලබා ඇත. 2007 වර්ෂයේ දී බිස්නස් ඉනොවේෂන් බයි ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි - Business Innovation by Information Technology (BIIT) විසින් ජපානයේ දී පවත්වන ලද පුහුණු වැඩසටහන් වලට සහභාගි වීමට හැකිවීම මා භාග්‍යයක් කොට සළකමි.

පවුලේ තොරතුරු: මා භාර්ය්‍යාව වන රේණුකා ඉංග්‍රීසි ගුරුවරියක් වන අතර මාගේ පුතුන් දෙදෙනා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්ව‍යේ බලාපොරොත්තු වලට වඩා ඔබ්බට යාමට මා හට පවුලෙන් ලැබුණු ශක්තිය සහ සහයෝගය අගය කළ යුතුය. ඒ සමඟම මා පවුලට මෙවැනි තත්වයකට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම වෙත ද මාගේ පවුලේ ප්‍රණාමය හිමි වේ.

ආයතනය පිළිබද ඔහුගේ/ඇයගේ අදහස:

ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගමේ වසර 30 ක් යනු ඉතා දීර්ඝ කාලයක් වන අතර එය ආයතනයේ වයසින් 60% ක් පමණ කාලයකි. මෙම කාලය ඇතුළත මෙම ආයතනය ඉතා පහළ තත්වයක සිට පතාක යෝධයෙක් බවට පත්ව ඇත. යහපත් අයහපත් කාල 2 හිදීම ආයතනය වෙනුවෙන් මාගේ උපරිම සහයෝගය ලබා දී මෙම තත්වයට රැගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් මා ඉතා ආඩම්බර වෙමි.

මෙවන් අනර්ඝ කණ්ඩායමක් සමඟ කටුයුතු කිරීමට ලැබීම මාගේ භාග්‍යයක් ලෙස මා සළකන අතර විවිධ මට්ටම්වල සේවය කරන සියළු දෙනාගෙන්ම ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි.

ආයතනයේ මෙහෙවර පාඨයට අනුව DSI නාමය ලොව පුරා පතල කිරීමට මාගේ සම්පූර්ණ සහයෝගය ලබාදීමට මා ප්‍රතිඥා දෙන අතර විවිධ විලාසිතා සහ ගුණාත්මක බවින් උසස් සන්නාමයක් ලෙස DSI නාමය ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන අවුත් රට සංවර්ධනය කරා ද ගෙන යනු ඇත.



සම්පූර්ණ නම: ලක්මාල් ධර්මරත්න

ආයතනය: ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම

ආයතනයේ සේවය ඇති කාල සීමාව: වසර 7

තනතුර: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

සුදුසුකම් සහ ආයතනික පලපුරුද්ද:
BBA-විශේෂ/කළමණාකරන ගිණුම්කරනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (එක්සත් රාජධානිය)/ මානව සම්පත් කළමණාකරනය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව, IPM ශ්‍රී ලංකා, 12 + වසරක අත්දැකීම්. SINGER (සිංගර්) ආයතනයේ සහ උපදේශන ආයතනයක කළමණාකාරීත්වයේ සේවය කර ඇත.

පවුලේ තොරතුරු: බිරිඳ ප්‍රිමාලි සහ පුත්‍රයා දිහේන්

ආයතනය පිළිබද ඔහුගේ/ඇයගේ අදහස:

සැබවින්ම මා DSI සමූහ ව්‍යාපාරයේ සාමාජිකයකු වීම සම්බන්ධව ආඩම්බර වෙනවා. මෙහි අනර්ඝ ලෙස කණ්ඩායම් හැඟීමක් සහ එකමුතු බාවයක් තිබෙන අතර මෙහි ඇති පරිසරය තුළින් රැකියා ක්ෂේත්‍රය කුමක් වුවත් තමාගේ වර්ධනය සළසාගත හැකිවනු ඇත.

මෙම ආයතනයේ ඇති සුවිශේෂි භාවයක් වන්නේ නිර්මාතෘ සභාපතිතුමා කෙරෙහි සහ ඔහුගේ දර්ශණය පිළිබඳ ආයතනයේ සේවකයන්ගේ ලෙන්ගතුකමයි. එකම අරමුණක් කරා වෘත්තිකයන් සමූහයක් කණ්ඩායම් හැඟීමකින් වැඩකිරිම මෙහි සුවිශේෂි බවයි.

මා සැබවින්ම මෙම ආයතනයත් සමඟ දීර්ඝ කාලයක් සේවය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

නිර්මාතෘ සභාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ මුළු මහත් සමූහයම දේශීය උරුමයන් සහ සංස්කෘතිය නංවාළීමට කටයුතු කරයි. ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ ආශිර්වාදය සහිතව සේවකයින් විසින් වර්ෂය පුරාවටම නොයෙක් උත්සව ආදිය ද සංවිධානය කරනු ලැබේ.

සම්පූර්ණ නම: සුදර්ශණ වික්‍රමආරච්චි

ආයතනය: ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම / සැම්සන් කොම්පවුන්ඩ්ස් (පුද්) සමාගම

ආයතනයේ සේවය ඇති කාල සීමාව: වසර 2

තනතුර: මානව සම්පත් සහ පරිපාලන කළමණාකාර

සුදුසුකම් සහ ආයතනික පලපුරුද්ද:
මානව සම්පත් පිළිබඳ ඩිප්ලෝමාව IPM - ශ්‍රී ලංකාව; කාර්ය්‍ය අධ්‍යනය පිළිබඳ ඩිප්ලෝමාව - කළමණාකාර සේවා ආයතනය එක්සත් රාජධානිය. වසර 23 මානව සම්පත් සහ පරිපාලක ක්ෂේත්‍රයන් වල අත්දැකීම. පෙර සේවක ස්ථානයන් බ්‍රැන්ඩික්ස්, ස්මාට් ෂර්ට්ස්, ජනශක්ති ඉන්ෂුවරන්ස්, ක්‍රිස්ටල් ස්වෙටර්ස්, ජුබිලි ඇපැරල්, කොරියා ලංකා ගාමන්ට්ස්, නෙක්ස්ට් මැනුෆැක්චරින්ග් සහ දංකොටුව පෝසිලේන් සමාගම.

පවුලේ තොරතුරු: භාර්ය්‍යාව - දෝන මධුරඛාමිණී වීරමන් - අධීක්ෂක- ආරක්ෂක අමාත්‍යාංශය. පුත්‍රයා - ඉසුරු උද්දල වික්‍රමාරච්චි - කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය.

ආයතනය පිළිබද ඔහුගේ/ඇයගේ අදහස:

DSI යනු සුවිශේෂී ස්ථානයකි. එසේ වන්නේ එහි සුවිශේෂී ව්‍යාපාරික උපායයන් පමණක් නිසා නොව එහි පවතින සුවිශේෂී මානව සම්පත් ක්‍රමවේදයන් නිසා ද සෙසු තරඟකරුවන් අභිබවා සේවක තෘප්තිය සහ ආයතනික සම්බන්ධතා තුළින් ඉදිරියෙන් සිටීමට ඇති හැකියාව නිසාය.

අත්දැකීම් බහුල, ඉතා ක්‍රමානුකූල, ඉතා විශ්වාසදායි අභියෝග දෙස ධනාත්මකව සිතන කණ්ඩායමක්.

මාගේ ආයතනයට මා නැතුවම බැරි පුද්ගලයෙකු ලෙස සිතීමට මා කැමතිය.

DSI සමාගම නිරන්තරයෙන් මව්බිම පෙරටු කරගෙන ක්‍රියාකරන අතර, ව්‍යාපාරික දේවල් සමහර අවස්ථාවලදී දෙවැනි ස්ථානය ගනියි. තම මවුබිමට ආදරය කරන වගකීම් සහිත සේවකයන් බිහිකිරීමට DSI සමාගම වෙර දරයි.