
DSI සැම්සන් සමාගම ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘදිය වෙනුවෙන් ඉමහත් සේවයක් කරන ලද සමාගමක් වන අතර විවිධ වූ ක්ෂේත්‍රයන්හි සිය අනුග්‍රාහකත්වය ලබා දෙමින් ඔවුන් සිය දායකත්වය සමස්ත ජාතියේ හෙට දවස වෙනුවෙන් ලබා දී ඇත.
DSI සැම්සන් සමූහයේ අප සාමාජයීය යහපැවැත්ම වෙනුවෙන් අප සතුව වගකීමක් ඇති බව තරයේ විශ්වාස කරන්නෙමු. එය ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගිය සාමාජයීය වගකීමක් බව අපගේ දැක්මයි.
මෙරට ක්‍රීඩාවන්හි උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සිය වගකීමක් ලෙස DSI සැම්සන් සමූහය දැඩි ලෙස විශ්වාස කරයි. මේ නිසාවෙන්ම දේශීය වශයෙන් අත්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩාවන්ට DSI සමූහය නිබඳ අත්වැලක් සපයයි.
DSI සැම්සන් සමූහය සහ එයට අනුබද්ධිත ආයතනයන් මෙරට මුහුණ දෙනු ලබන ඕනෑම ස්වභාවික විපත් අවස්තාවකදී නොපැකිලව සිය වගකීම් ඉටු කිරීමට ඉදිරිපත් වේ.
වසර 40 තරම් වන දීර්ඝ ඉතිහාසයක් තුල සමූහයට සමාජ ව්‍යාපෘති යනු ඉතා සමීප මාතෘකාවකි. ශ්‍රී ලාංකීය සමාජය තුල සිය වගකීම හඳුනා ගත් ආයතනයක් ලෙස අප නිරන්තරයෙන් අප සංස්කෘතිය සහ උරුමය ඉස්මතු කරන්නා වූ වැඩසටහන් වෙත වැඩි නැඹුරුවක් දක්වන්නෙමු.
DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස් : +94 (0)11 21 31 777
ඊමේල් : info@dsi.lk (ප්‍රධාන)