පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » December 2022

DSI සැම්සන් සමූහ ව්යාපාරය සිය 60 වන සංවත්සරය සමරයි

ප්‍රකාශිත දිනය 20 December, 2022


DSI සමූහ ව්යාපාරය ඔවුන්ගේ 60 වන සංවත්සරය දෙසැම්බර් 9 වන දින සිකුරාදා සමූහ ව්යාපාර ප්රධාන කාර්යාලයේදී චාම් උත්සවයක් මඟින් පවත්වන ලදී. එහිදී සමූහ ව්යාපාරය මඟින් 60 වන සංවත්සර නිල ලාංඡනයද එළි දක්වන ලදී. මේ සුවිශේෂී අවස්ථාවේදී පසුගිය 60 වසර මුළුල්ලේ ඔවුන් හා එක්ව සිටි ආයතන සමූහයට සම්බන්ධ සාමාජික මහත්ම මහත්මීන්, හවුල්කාර ව්යාපාරික ආයතන, සැපයුම් ජාල, මූල්ය ආයතන, සියළුම පාරිබෝගිකයින් හට සමූහ ව්යාපාරයේ හෘදයාංගම ස්තූතිය පුදකල සිටී. මෙහිදී, සංවත්සර නිල ලංඡනයට සමඟාමීව ඊට අදාල උදෘත පාඨය වන "Rooted Beyond Boundaries” ( විවිධාංගකරණයට ලක්වූ ව්යාපාරයන් තවදුරටත් දේශීය හා විදේශීය වෙළඳපල කරා ව්යාප්ත කිරීම ) ද එළිදැක්වීම සිදුකරන ලදී.

ප්‍රකාශනය සංස්ථානික පුවත්