කලාව

dsi-beyond-Business-Art

artDSI සැම්සන් සමූහයේ අප සාමාජයීය යහපැවැත්ම වෙනුවෙන් අප සතුව වගකීමක් ඇති බව තරයේ විශ්වාස කරන්නෙමු. එය ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගිය සාමාජයීය වගකීමක් බව අපගේ දැක්මයි. මේ අරමුණු සමගින් අප විසින් 1992 වර්ෂයේදී ආරම්භ කරන ලද සමස්ත ලංකා චිත්‍ර තරඟාවලිය "සිතිවිලි" යනුවෙන් නම් කරන ලද අතර වර්තමාන දත්තයන් වාර්තා කරනුයේ එය මෙරට අතිශය ජනප්‍රිය චිත්‍ර තරඟාවලියක් බවට පරිවර්තනය වී ඇති බවයි.

මෙම වැඩසටහන දිවයින පුරා විසිරී සිටින්නාවූ දරු දැරියන්ට සිය අදහස්, නිර්මාණාත්මක ලෙසින් කල එලි දැක්වීමට අවශ්‍ය කරන්නා වූ පීඨිකාවක් සපයයි. දිලිඳු පැලේ සිට මහා මන්දිර වල වාසය කරන්නා වූ සියලුම පොඩිත්තන්ගේ අව්‍යාජ නිර්මාණ බාධාවකින් තොරව කල එලි දැක්වීම උදෙසා නිර්මාණයන්ට පැන්සල්, පාට පැන්සල්, ක්‍රෙයෝන්, දිය සායම් වල සිට අතිශය සරලව සොයා ගත හැකි අඟුරු කැටය දක්වා ඕනෑම මාධ්‍යයක් භාවිතා කිරීමේ අවස්තාව ලබා දී ඇත.

ජයග්‍රාහකයින් අතිශය උත්සවාකාරයෙන් පවත්වනු ලබන ත්‍යාග ප්‍රධානෝත්සවයකදී ඇගයීමකට ලක් කරනු ලබන අතර එය ජාත්‍යන්තර තලයේ සහ මෙරට සුපතල කලා කරුවන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වේ. මෙම සම්මාන උලෙලේ තවත් සුවිශේෂීත්වයක් වනුයේ ජයග්‍රාහකයින් පමණක් නොව ඔවුන් නියෝජනය කරන්නා වූ පාසලටද එහි සංවර්ධන කටයුතු උදෙසා මූල්‍යමය ත්‍යාගයන් හිමි වීමයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)