පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » Bikes

DSI බම්බලපිටිය පාපැදි ප්‍රදර්ශණාගාරය විවෘත කෙරේ.

ප්‍රකාශිත දිනය 30 October, 2014

" SBL බම්බලපිටිය නව පාපැදි ප්‍රදර්ශණාගාරය විවෘත කිරීම අංක 226 ගාලු පාර කොළඹ 4 යන ස්ථානයේදී සාමාන්‍යාධීකාරී රණතුංග රාජපක්ෂ මහතාගේ අතින් 2014 වර්ශයේ ඔක්තෝබර් 24 වනදා සිදු විය. රැස්ව සිටි පිරිස අමතමින් රණතුංග මහතා පාපැදියට ආදරය කරන්නන්ගේ අවශ්‍යතාව අනුව ඉහල නිෂ්පාදන නිකුත් කිරීම වැදගත් බවත් පෝලන්තය සහ යුරෝපයේ ඉතා ජනප්‍රිය ක්‍රොස් පාපැදි මෙම ප්‍රදර්ශනාගරයට එක් කිරීමේ අරමුණ වනුයේද එය බවත් සඳහන් කලේය.

මෙම අවස්තාවට අධ්‍යක්ෂවරුන් වන කාවින්ද රාජපක්ෂ මහතා,සජිත් රාජපක්ෂ මහතා, එස් බී වැලිවත්ත මහතා, අබේතිලක මහතා සහ ශ්‍රි නන්දසේන මහතා ඇතුළු තවත් නිලධාරීහු රාශියක් සම්බන්ධ විය "

ප්‍රකාශනය සැම්සන් පාපැදි පුද්ගලික සමාගම