ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම
ඔබ මෙතැන: මුල් පිටුව » පාවහන් » ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

ශ්‍රී ලංකාවේ අන්ක 1 පාවහන් නිෂ්පාදකයා සහ අපනයනකරුවා වේ. ISO 9001:2008 තත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති ආයතනයේ මුල්ම සපත්තු නිෂ්පාදන කර්මාන්තායතනය පිහිටුවා ඇත්තේ 1962 තරම් ඈත අතීතයේ වන අතර එය ඉතිහාසගත වනුයේ මෙරට ප්‍රථම සපත්තු නිෂ්පාදන කර්මාන්තායතනය ලෙසය.

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම තුල සමස්ත පවුලේම පාවහන් අවශ්‍යතා සපුරා ලීමට අවශ්‍ය කරන්නා වූ පාවහන් නිෂ්පාදනයන් සිදු වේ. කාන්තා සහ පිරිමි පාවහන් මෙන්ම දරුවන් සඳහා නිෂ්පාදනද ලෙස පුළුල් ක්ෂේත්‍රයක සිදු වන්නා වූ නිෂ්පාදනයන් සමස්ථ ශ්‍රී ලංකාව පුරාම පිහිටි අළෙවි ආයතන සහ නියෝජිතයන් වෙත කාර්යක්ෂමව ප්‍රවාහනය සිදු වනුයේද ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගම හරහාම වේ.

වසර ගණනාවක නිෂ්පාදනය ඔස්සේ දිනා ගත් පාරිභෝගික විශ්වාසය සමගින් ඩී සැම්සන් සමාගමේ වර්තමාන වාර්ෂික නිෂ්පාදනය වසරකට පාවහන් යුගල මිලියන 27.5 වීමත් සේවක මඩුල්ල 2200 ඉක්මවීමත් ඩී සැම්සන් සමාගම ලඟා වී ඇති සාර්ථකත්වය මොනවට කියා පායි.

පාවහන් අද නිෂ්පාදනය වනුයේ මනාව සැලසුම් කරන ලද නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර්මාන්තශාලා 4ක් තුල වන අතර ඒවා අති නවීන EVA, PVC/Rubber Injection, නවීන තාක්ෂණයෙන් සමන්විත සෘජු වල්කනයිසින් උපකරණ, PVC Injection Mould Machines, EVA Injection Machines, PVC V-Strap Machines, PVC Sole Injection Machines , Hydraulic presses - ජල පීඩක, ආදියෙන් සමන්විත වේ.

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

නිෂ්පාදන වපසරිය

ෆ්ලිප් ලොප්ස්, සැන්ඩ්ල්ස්, රබර් බූට්ස්, ලෙදර් සපත්තු, පාසල් සපත්තු, කාර්මික පාවහන්, කෘෂි කාර්මික පාවහන්, සෙරෙප්පු, කැන්වස් සපත්තු.

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

ආනයන වෙළෙඳ පල

සම්, PVC/PU තීන්ත, කැන්වස්, PVC compounds, EVA, රබර් රසායනික, ගම් වර්ග, සපත්තු අඩි කොටස්, වෙනත් පාවහන් කොටස්.

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

අපනයන වෙළෙඳ පල

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉතාල, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, මාලදිවයින, සෞදි අරාබිය, ඊශ්‍රායලය, ජපානය, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය.

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

තොරතුරු

දුමින්ද ලන්දෙවත්ත මහතා
අන්තර්ජාතික අළෙවි ප්‍රවර්ධක කළමණාකරු

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම
ඩී සැම්සන් රාජපක්ෂ මාවත
බටදූව
ගාල්ල 80000
ශ්‍රී ලංකාව.

දුරකතන අංක: +94 (0)91 2234597, +94 (0)91 2234599
ෆැක්ස්: +94 (0)91 2234182
විද්‍යුත් ලිපිනය: info@dsifootwear.com
වෙබ් අඩවිය: www.dsi.lk

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)