සේවාවන්

සේවාවන්
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » සේවාවන්

සැම්සන් සමූහය වැනි කර්මාන්තායතන සමූහයක් සමාන්තරව ක්‍රියාත්මක වන විට ඒවායේ ක්‍රියාකාරිත්වය සුමටව සිදු වීම සඳහා විවිධ වූ සේවාවන් අවශ්‍ය වේ. මෙම සේවාවන් මූලික කරුණු සේ සැලකුවද මේවා නිවැරදිව ක්‍රියාත්මක කිරීමටද සුවිශේෂී වූ හැකියාවන් අවශ්‍ය වේ. මෙම සේවාවන් නිවැරදිව සහ කාර්යක්ෂමව සපුරාලිය හැකි ආයතනයක අවශ්‍යතාවය මෙහිදී මතු වේ. සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය බිහි වනුයේ මෙම අවශ්‍යතාවය සපුරාලමිනි. DSI සමූහයට අයත් ආයතන අතර ගැටළු වලින් තොර පරිසරයක් බිහි කිරීමට මෙම වැඩසටහන ප්‍රබල අත්වැලක් සපයයි. DSI සමූහයේ අති සාර්ථකත්වයට මෙය ප්‍රබල දායකත්වයක් සපයයි.

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

සැම්සන් සමූහ ඒකාබද්ධ සේවා පෞද්ගලික ආයතනය

මෙම ආයතනය හරහා DSI සමූහයේ ආයතන වල පුළුල් පරාසයක උපක්‍රම සහ සැලසුම් සැකසීම, කලමණාකරණ සේවාවන්, කළමණාකරණ පද්ධතිය සකස් කිරීම, ආනයන අපනයන කළමණාකරණය, නීති සහාය, තොරතුරු තාක්ෂණ සහාය, රක්ෂණ සහ මූල්‍ය කළමණාකරණය, භාණ්ඩාගාර පරිපාලනය ආදී සුවිශේෂී වූ සේවාවන් රාශියක් සැපයීම හරහා වෙලඳ පල තුල එම ආයතනයන්ට තරඟකාරී ලෙසත් ආක්‍රමණශීලී ලෙසත් කටයුතු කිරීමේ හැකියාව ලබා දේ.

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

සැම්සන් රක්ෂණ තැරැව්කරුවෝ පෞද්ගලික සමාගම

2008 වර්ෂයේදී පිහිටවන ලද මෙම සමාගම සියලුම ආකාරයන්ගේ රක්ෂණ කටයුතු සහ රක්ෂණාවරණ සැකසීම පිලිබඳව සුවිශේෂී හැකියාවකින් යුක්ත වේ. ඔබගේ ඕනෑම රක්ෂණ අවශ්‍යතාවක් තරඟකාරී අනුපාතිකයන් හමුවේ පහසුවෙන් සහ සරලව අප ආයතනය හරහා ඉටු කර ගත හැකි වනු ඇති අතර අප විශේෂඥයන් අනතුරුදායී අවස්ථවන් සහ හැකියාවන් පිලිබඳව ඔබ නිරන්තරයෙන් දැනුවත් කරනු ඇත.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)