ක්‍රීඩාව

Footwear
ඔබ මෙතැන: මුල් පිටුව » ව්‍යාපාරයෙන් එහා » ක්‍රීඩාව

Sportsමෙරට ක්‍රීඩාවන්හි උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සිය වගකීමක් ලෙස DSI සැම්සන් සමූහය දැඩි ලෙස විශ්වාස කරයි. මේ නිසාවෙන්ම දේශීය වශයෙන් අත්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩාවන්ට DSI සමූහය නිබඳ අත්වැලක් සපයයි.

පාසල් සිසුන්ට ජාතික තලයේ ක්‍රීඩා තරඟාවලියක අත්දැකීම ලබා ගත හැකි එකම තරඟාවලිය ලෙස DSI සුපර් ස්පෝර්ට් අත් පන්දු තරඟාවලිය හඳුනා ගත හැකිය. මෙම තරඟාවලිය තුල විවිද වයස් කාණ්ඩයන් යටතේ පාසල් 100 අධික සංඛ්‍යාවක දරු දැරියන් උරෙන් උර ගැටී තරඟ වදිනු නිරීක්ෂණය කල හැකිය.

DSI සැම්සන් සමූහය ශ්‍රී ලංකා දැල්පන්දු කාන්තා කණ්ඩායමේ අනුග්‍රාහකත්වය සාඩම්බරයෙන් යුතුව දරන අතරම ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සම අනුග්‍රාහකත්වයද දරයි. මෙයට අමතරව සමාගම විසින් මලල ක්‍රීඩා, බැඩ්මින්ටන් සහ පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායම් වල ක්‍රීඩකයන්ටද පුද්ගලිකව අනුග්‍රාහකත්වයන් ලබා දේ.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)