රබර් ප්‍රතිනිෂ්පාදන

රබර් ප්‍රතිනිෂ්පාදන
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » රබර් ප්‍රතිනිෂ්පාදන

DSI සැම්සන් සමූහය සෑම විටම පාරිසරික හානිය අවම කරවමින් පරිසර හිතකාමී ක්‍රමවේදයන් තුළ සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමට උත්සුක වේ. සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන ආයතනය බිහිවනුයේ රබර් කර්මාන්තයේ දී අපතේ යන රබර් කොටස් පැදුරු, ආවරණ, පටි වර්ග ආදී භාවිතා කළ හැකි භාණ්ඩයන් නිෂ්පාදනය අරමුණු කරගෙන ය.

රබර් අපද්‍රව්‍ය නැවත ප්‍රතිනිෂ්පාදනයේ දී අප ආයතනය තුළ සුවිශේෂී ප්‍රතිවල්කනයිස් කරවීමේ ක්‍රියාවලියක් සිදුවන අතර ඒ සඳහා සුවිශේෂී රසායනික ක්‍රියාවලියක් සිදු කරනු ලබයි. නිෂ්පාදනයන්ගෙන් 75% දේශීය වෙළඳපොළ වෙත යොමුවන අතර එම නිෂ්පාදනයන් අතර ඉවත දමන ටයර් භාවිතයෙන් කුඩා ළමුන්ගේ ක්‍රීඩා කලාපවල ආරක්ෂාවට යොදන්නා වූ රබර් ටයිල් නිෂ්පාදන ද පවතී.

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

DSI සැම්සන් රබර් ප්‍රතිනිෂ්පාදන සමාගම

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛතම සමාගමකි. 1991 වර්ෂයේ බිහි වූ සමාගම ප්‍රධානතම ආනයනික සමාගමක් වන අතරම දේශීය වෙලඳපොළ තුළ ඉල්ලුමෙන්ද 80% සැපයීම සිදු කරනු ලබයි. වාර්ෂිකව රබර් ටොන් 7,500 ප්‍රතිනිෂ්පාදනය හරහා ක්‍රීඩාභූමි ඇතිරීමට අවශ්‍ය වන රබර් ටයිල් නිපදවීමට ආයතනය සමත් වේ.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)