පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » සංස්ථානික පුවත්

දියවැඩියා රෝගීන් සඳහා විශේෂිත පාවහන් එකතුව වන “Salvio” සන්නම් නාමය යටතේ DSI ආයතනයෙන් වෙළඳපොළට

ප්‍රකාශිත දිනය 2 December, 2014

දියවැඩියා රෝගීන් සඳහා විශේෂිත පාවහන් එකතුව වන “Salvio” සන්නම් නාමය යටතේ DSI ආයතනයෙන් වෙළඳපොළට

DSI ආයතනය විසින් එහි නවතම පාවහන් එකතුව වන “Salvio”,දියවැඩියා රෝගීන් සඳහා විශේෂයෙන් නිෂ්පාදිත පාවහන් හඳුන්වා දීමේ වැඩසටහන 2014 අගෝස්තු මස 20 වන දින සිට 23 වන දින දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සංගමයේ වාර්ෂික සමුළුවේ දී සිදු කරන ලදී.

වර්තමාන සමාජ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් සැම විටම කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයා වන DSI ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට අනුබද්ධ “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය සමග දියවැඩියා රෝගීන්ට පහසු මිලට ලබාගත හැකි විධිමත් පාවහන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති කරගත් නිල එකඟතාව යටතේ මෙම පාවහන් එකතුව වෙළඳපොළට හඳුන්වා දී ඇත.

ප්‍රකාශනය සංස්ථානික පුවත්

සුබ ඕස්ට්රේලියානු දිනයක්

ප්‍රකාශිත දිනය 26 January, 2015

ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට අපගේ සුභපැතුම එක් කිරීම සඳහා මෙම දිනය සංවිධානය විය.

ප්‍රකාශනය සංස්ථානික පුවත්