පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » December 2014

දියවැඩියා රෝගීන් සඳහා විශේෂිත පාවහන් එකතුව වන “Salvio” සන්නම් නාමය යටතේ DSI ආයතනයෙන් වෙළඳපොළට

ප්‍රකාශිත දිනය 2 December, 2014

දියවැඩියා රෝගීන් සඳහා විශේෂිත පාවහන් එකතුව වන “Salvio” සන්නම් නාමය යටතේ DSI ආයතනයෙන් වෙළඳපොළට

DSI ආයතනය විසින් එහි නවතම පාවහන් එකතුව වන “Salvio”,දියවැඩියා රෝගීන් සඳහා විශේෂයෙන් නිෂ්පාදිත පාවහන් හඳුන්වා දීමේ වැඩසටහන 2014 අගෝස්තු මස 20 වන දින සිට 23 වන දින දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සංගමයේ වාර්ෂික සමුළුවේ දී සිදු කරන ලදී.

වර්තමාන සමාජ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් සැම විටම කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයා වන DSI ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට අනුබද්ධ “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය සමග දියවැඩියා රෝගීන්ට පහසු මිලට ලබාගත හැකි විධිමත් පාවහන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති කරගත් නිල එකඟතාව යටතේ මෙම පාවහන් එකතුව වෙළඳපොළට හඳුන්වා දී ඇත.

ප්‍රකාශනය සංස්ථානික පුවත්

සැම්සන් PLC ආයතනයේ PVC නිෂ්පාදන වෙළඳපොළට

ප්‍රකාශිත දිනය 2 December, 2014

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රබර් නිෂ්පාදන අපනයන ආයතනයක් වන සැම්සන් PLC ආයතනය PVC නල නිෂ්පාදනයට යොමු වී ඇති අතර එහි ප්‍රථම නිෂ්පාදනය සැම්සන් PVC සන්නම් නාමය යටතේ 2014 නොවෙම්බර් මස 20 වන දින පැවති එකමුතුවෙහිදී එහි බෙදාහරින්නන් වෙත පිළිගන්වන ලදී .

සැම්සන් PVC නිෂ්පාදන වෙළඳපළට හඳුන්වාදීමේ වැඩසටහන මාධ්‍යා සාකච්චා සමග කොළඹ 08,සැම්සන් රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූහ .

සැම්සන් PLC ආයතනය අම්පෙගම,බද්දේගම පිහිටි ඔක්ට PVC ලංකා (පුද් ) සමාගමේ මුළු වත්කම් 2014 ජූලි මාසයේදී පවරගන්නා ලදී .මේ සමගම සැම්සන් PLC ආයතනය PVC නල,උපමෙවලම් ආදී පුළුල් නිෂ්පාදන සමුහයක් සමගින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඉදි කිරීම් කර්මාන්තයට සැපයීම් සිදු කිරීමට බලපොරෝපොරොත්තු වී සිටී.

ප්‍රකාශනය සැම්සන් PLC ආයතනය