පාවහන්

පාවහන්
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » පාවහන්

පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස සැම්සන් සමූහය පාවහන් සහ සැන්ඩ්ල්ස් මාදිලි ගණනාවක් නිපදවනු ලබයි. මෙවා වැඩිහිටියන්ට මෙන්ම තරුණ පරපුරටද එක සේ මනා සුව පහසුවක් ලබා දිය හැකි අන්දමින් සකසා තිබීම අතිශය වැදගත් වේ. අප නිර්මාණශීලී චින්තනය සාමාන්‍ය රබර් පාවහන් යුවල මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය ඔස්සේ දීර්ඝ ගමනක් ගෙන ඒමට සමත්ව ඇත.

ඩී සැම්සන් කර්මාන්තායතන තුල පාසල් පාවහන් සහ ක්‍රීඩා පාවහන් නිපදවෙනුයේ නවතම තාක්ෂණික දැනුම සහ EVA injection plant වැනි අති නවීන උපකරණ භාවිතයෙනි. මේ හරහා අප නිෂ්පාදනයන් වෙළෙඳපල තුල පවතින අනර්ඝතම නිෂ්පාදනයන් බවට තහවුරු කර ගන්නෙමු.

වසර 50 අධික අතීතය තුල අප පලමු නිෂ්පාදනය ලෙස පාවහන් නිෂ්පාදනයද ආයතනය සමගින් දීර්ඝ ගමනක නියැලී ඇත. අප ඉලක්කය වනුයේ අප නිෂ්පාදනයන් කාලයත් සමග තවත් ඉදිරියට ගෙන යාමයි.

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

ඩී සැම්සන් කර්මාන්ත පුද්ගලික සමාගම

ශ්‍රී ලංකාවේ අන්ක 1 පාවහන් නිෂ්පාදකයා සහ අපනයනකරුවා වේ. ISO 9001:2008 තත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති ආයතනයේ මුල්ම සපත්තු නිෂ්පාදන කර්මාන්තායතනය පිහිටුවා ඇත්තේ 1962 තරම් ඈත අතීතයේ වන අතර එය ඉතිහාසගත වනුයේ මෙරට ප්‍රථම සපත්තු නිෂ්පාදන කර්මාන්තායතනය ලෙසය. වර්තමානයේ ආයතනයේ දිනක පාවහන් නිෂ්පාදනය යුගල 60000 ඉක්මවන අතර ආයතනය තුල සේවකයන් 1500 කට රැකියා අවස්ථා හිමි වේ.

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම

සැම්සන් නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම 1981 වර්ෂයේ ගොඩ නන්වනුයේ පිරිමි, ගැහැණු, ළදරුවන්, කුඩා දරුවන් ආදී සියල්ලක්ම සඳහා එදිනෙදා භාවිතයට අවශ්‍ය වන පාවහන් නිෂ්පාදනයටය. මෙම නිෂ්පාදනයන් දිවයින පුරා විසිරි අළෙවි මධ්‍යස්ථාන 175 සහ අලෙවි නියෝජිත මධ්‍යස්තාන 2000 වැඩි සංඛ්‍යාවක "රන්පා" යන වෙලඳ නාමය යටතේ මිලදී ගැනීමේ හැකියාව ඇත. සැම්සන් නිෂ්පාදකයන් මාසිකව පාවහන් යුගල 250000 සිය EVA and PVC Fabric plants වැනි යන්ත්‍ර හරහා නිපදවනු ලබයි.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)