අධ්‍යාපනය

Education
ඔබ මෙතැන: මුල් පිටුව » ව්‍යාපාරයෙන් එහා » අධ්‍යාපනය

EducationDSI සැම්සන් සමාගම ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘදිය වෙනුවෙන් ඉමහත් සේවයක් කරන ලද සමාගමක් වන අතර විවිධ වූ ක්ෂේත්‍රයන්හි සිය අනුග්‍රාහකත්වය ලබා දෙමින් ඔවුන් සිය දායකත්වය සමස්ත ජාතියේ හෙට දවස වෙනුවෙන් ලබා දී ඇත.

සුපර් ස්පෝර්ට් "දැනුමයි වාසනාවයි" ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන යනු ලාංකීය සිසු දරු දැරියන් අතර අතිශයින් ජනප්‍රිය වැඩසටහනකි. දිවයින පුරා විසිරි පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ඉහල ගුණාත්මක භාවයකින් යුතුව සංවිධානය වෙයි. ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වන මෙම වැඩසටහන් පෙල එයට සහභාගිවන දූ දරුවන් පමණක් නොව අදාල පාසල් වල අනෙකුත් දරුවන්ගේද ඉහල ප්‍රසාදයකට හිමි කම් කියයි.

ගණිතමය ඔලිම්පියාඩ් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන යනු මෑතකදී DSI සමූහයේ අනුග්‍රාහකත්වය හිමි වූ කොළඹ විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන තරඟාවලියකි. මෙහි අරමුණ වනුයේ ශ්‍රී ලාංකීය සිසු පරපුරේ ගණිතමය දැනුම සහ හැකියාවන් ඉහල නැංවීම සහ ඔප දැමීමයි. මෙයට සහභාගි වන දරුවන් අතරින් ජයග්‍රාහකයන්ට වාර්ෂිකව පැවැත්වෙනු ලබන අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරඟයට සහභාගි වීමේ වරම් හිමි වේ.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)