ආහාර පාන සහ කෘෂිකර්මය

ආහාර පාන සහ කෘෂිකර්මය
ඔබ මෙතැන: මුල් පිටුව » අංශයන් » ආහාර පාන සහ කෘෂිකර්මය

සැම්සන් සමූහය ආහාර පාන සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට පිවිසෙනුයේ අනුබද්ධිත ආයතන දෙකක් හරහාය.

මවුන්ට් ස්ප්‍රින්ග් වෝටර්ස් ආයතනය දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද සුපිරිසිඳු පානීය ජල බෝතල් සඳහා ප්‍රසිද්ධ වේ. SLS, ISO මෙන්ම සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ සහතිකයකින්ද යුක්ත මෙම පානීය ජල බෝතල් විදේශීය රටවල් ගනණාවකටද අපනයනය කරනු ලබයි.

SRG හෝල්ඩින්ස් සමාගම විශාල පරාසයක පලතුරු වගාවන් සිදු කරනු ලබන අතර ඒ සඳහා අති නවීන කෘෂි උපක්‍රම භාවිතා කරනු ලබයි. පරිසර හිතකාමී වගා උපක්‍රම භාවිතය මෙන්ම අවම සම්පත් හානියක් සිදු වන අන්දමින් වගාව සිදු කිරීම සමාගමේ සුවිශේෂීතාවය වේ.

එසේම වගාවන් දුෂ්කර ප්‍රදේශයන් වල පිහිටුවීම හරහා එම ප්‍රදේශ වල ජනතාවට රැකියා අවස්ථා හිමි වීම හරහා ඔවුන්ගේ ජීවන තත්වය උසස් වීමද සිදු වේ.

SRG හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම

SRG හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම

SRG හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම විශිෂ්ඨ තත්වයේ පලතුරු, එළවළු, ඇට වර්ග, කුළු බඩු, සකස්කළ ආහාර, පාන වර්ග නිෂ්පාදනය සහ බෙදාහැරීමේ නියුතු සමාගමක් වන අතර වැවිලි කර්මාන්තයේ ද නිරත වේ. මීට අමතරව මවුන්ට් ස්ප්‍රින්ග් නම් වූ SLS සහතික ලත් පානීය ජලය නිෂ්පාදනය, ඇසුරුම්කරනය සහ අපනයනය ද සිදු කරයි.

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

මවුන්ට් ස්ප්‍රින්ග් (පුද්) සමාගම

2004 වර්ෂයේ ආරම්භ කරන ලද මවුන්ට් ස්ප්‍රින්ග් ආයතනය කැළණිය දලුගම ප්‍රදේශයේ පිහිටා ඇත. අමිත්රිගල පිහිටි නැවුම් දිය උල්පත් වල ජලයෙන් ක්‍රියාත්මක වන මෙම ජල පවිත්‍රාගාරය තුල ජලය බෝතල් ගත කිරීම ඇසුරුම්කරණය ආදී සියල්ල නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රියව සිදු වේ.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)