සමාලෝචනය

නවමු වූ මං පෙත් සොයා යමින්, අභියෝග හමුවේ නොසැලෙමින්, වගකීම් හඳුනා ගනිමින්, අති විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් ඔස්සේ, ගුණාත්මකභාවය සමගින් පුරා වසර 61 අනගි සේවාව ඔස්සේ සැම්සන් සමූහය අද වන විට ශ්‍රී ලංකාවේ අංක 1 පාවහන් නිෂ්පාදකයා සහ බයිසිකල් ටයර් නිෂ්පාදකයා බවට පත්ව ඇත.

සමාලෝචනය
ඔබ මෙතැන: මුල් පිටුව » අප ගැන » සමාලෝචනය

ලොව පුරා රටවල් 40කට අපගේ නිෂ්පාදනයන් අලෙවි වන අතර අන්තර්ජාතික වශයෙන් ඉහල ජනප්‍රියතාවක් උසුලන Reebok, Fila, Clarks, Puma, Dell , Avira යන ආයතන වල ශ්‍රී ලාන්කීය නියෝජිතයා වන්නේද DSI සැම්සන් සමූහය වේ. දකුණු ආසියානු නිෂ්පාදකයකු හට ලොව ප්‍රචලිත වෙළෙඳ නාම හා සම වූ අනර්ඝ පාවහන් නිෂ්පාදන නිමවීමේ හැකියාව ඇති බවට අප ආයතනය හොඳම උදාහරණයකි.

ආයතන 22 සේවය සමගින් දේශීය සහ විදේශීය වෙලෙඳපල අවශ්‍යතාවන් ඉටු කරන අප සතුව අලෙවි මධ්‍යස්ථාන 200 සහ අලෙවි නියෝජිත ආයතන 5000 පවතී. එසේම මෙරට පවුලක හිමිකාරිත්වයට පත් වන විශාලතම ආයතන කිහිපය අතරටද DSI සැම්සන් ආයතනය එක් වේ.

වගකීම් හඳුනා ගත් ආයතනයක් ලෙස අප සෑම විටම සමාජය තුලින් මෙරටට අවශ්‍ය කරන්නා වූ ශක්තිය මතු කරලීමට උත්සාහ ගෙන ඇත්තෙමු. විවිධ වූ ක්ෂේත්‍රයන්හි අප විසින් සිදු කර ඇති ව්‍යාපෘතීන් එයට සාක්ෂ්‍ය දරන අතරම අප එම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)